විසඳුම් නොලැබුනොත් පාසල් වසාදමා වර්ජනයකට යනවා – ගුරු-විදුහල්පති සංගම්

(ඡායාරූප සංස්කරණය) ඉල්ලීම් 6ක් මුල්කර ගනිමින් අද (24) පෙරවරුවේ රාජගි‍රිය වටරවුමෙන් ඇරැඹි ගුරු-විදුහල්පති පාගමන දහවල් වනවිට ඉසුරුපායේ පිහිටි අධ්‍යාපන අමාත්‍යාංශය දක්වා පැමිණි බව වාර්තා වේ.

අමාත්‍යාංශය ඉදිරිපිටට පාගමන ළඟාවීමත් සමග පැලවත්ත හන්දියේ සිට කොට්ටාව දෙසට දිවෙන මාර්ගය පොලීසිය විසින් වසාදමා ඇති බවද පැවැසේ.

පාගමනේ පැමිණි පිරිස අමාත්‍යාංශය ඉදිරිපිටදී රැස්වීමක් පවත්වා ඇති අතර එහිදී ලංකා ගුරුසේවා සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද, ලංකා ගුරු සංගයේ ලේකම් ජෝසප් ස්ටාර්ලින්, විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනයේ මාධ්‍ය ප්‍රකාශක මහීම් මෙන්ඩිස් මහතා ඇතුළු පිරිසක් අදහස් දක්වා ඇත.

රැස්වීම ඇමතූ පිරිස අවධාරණය කර ඇත්තේ සති දෙකක් ඇතුළත ගැටලුවලට විසඳුම් ලබාදීමට බලධාරීන් කටයුතු කළයුතු බවත් එසේ නොවනහොත් ඉදිරියේදී පාසල් වසාදමා අඛණ්ඩ වෘත්තීය ක්‍රියාමාර්ගයක් සඳහා අවතීර්ණ වන බවත්ය.

පාගමන පැමිණි අවස්ථාවේ අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට දැඩි පොලිස් ආරක්ෂාවක් යොදවා තිබූ බවද වාර්තා වේ.


Facebook
Twitter
LinkedIn