උ/පෙළ පිළිතුරු පත්‍ර පරික්ෂාවට ගෙවන මුදල වැඩිකළ යුතුයි – මහින්ද ජයසිංහ

අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර පරික්ෂාව සඳහා ගෙවන මුදල වැඩිකළ යුතු යැයි ලංකා ගුරුසේවා සංගමය පවසයි.

එහි ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ මහතා විසින් පවසා ඇත්තේ, අදාළ පිළිතුරු පත්‍ර ඇගයීම වෙනුවෙන් දැනට ලබාදෙන සුළු මුදල කිසිසේත් ප්‍රමාණවත් නොවන බවත් ඒ හේතුවෙන් දුරබැහැර සිට පැමිණෙන ගුරුවරුන් දැඩි දුෂ්කරතාවකට පත්වන බවත්ය.

ඒ මහතා වැඩිදුරටත් පවසා ඇත්තේ, එම පිළිතුරු පත්‍ර ඇගයීම වෙනුවෙන් දැනට ලබාදෙන මුදල කිසිසේත් ප්‍රමාණවත් නොවන අතර දිනකට පිළිතුරු පත්‍ර ඇගයීම් කළහැකි ප්‍රමාණයද සීමාකර ඇති බවත්ය.

ඒ අනුව දුරහැහර සිට පැමිණ නේවාසිකව රැඳීසිටිමින් මේ සඳහා සම්බන්ධ වන ගුරුවරුන් දැඩි දුෂ්කරතාවකට පත්වන බවත්ය.

මේ තත්වයන් සැලකිල්ලට ගෙන අධ්‍යාපන අමාත්‍යාංශය හා විභාග දෙපාර්තමේන්තුව මැදිහත්වී පිළිතුරු පත් ඇගයීමේ ගාස්තු ඉහළ දමන ලෙස මහින්ද ජයසිංහ මහතා තවදුරටත් පවසයි.

Facebook
Twitter
LinkedIn