දිනක පාඩුව කෝටි පහ හමාරයි

සපුගස්කන්ද පිරිපහදුවේ කටයුතු නතරවීම හේතුවෙන් ඛනිජතෙල් සංස්ථාවට දිනකට රුපියල් කෝටි පහ හමාරක පමණ පාඩුවක් සිදුවන බවද වාර්තා වේ.

එහි වෘත්තීය සමිති පෙන්වා දෙන්නේ මෙම තත්වය එහි කළමානාකාර අධ්‍යක්ෂකවරයා දැනුවත්ව සිටියද විසඳුම් සෙවීමට සූදානම් නොවූ බවය.

මේ නිසා සංස්ථාවට දිනකට කෝටි හතර හමාරක් පමණ පාඩුවන බවත් පිරිපහදුව වසාදැමීමෙන් පෙට්‍රල්, ඩීසල්වලට අමතරව භූමිතෙල් සහ දැවිතෙල්ද ආනයනය කිරීමට සිදුවන බවත්ය.

එම වෘත්තීය සමිති වඩිදුරටත් පෙන්වා දෙන්නේ මෙරට දිනක දැවිතෙල් අවශ්‍යතාවය මෙට්‍රික් ටොන් 3,700ක් වන බවත්ය.

මේ සිදුවීම් පිටුපස විශාල කොමිස් ගැසීමක්ද පවතින බව තවදුරටත් සඳහන් වේ.

Facebook
Twitter
LinkedIn