අධික ලෙස බීමත්ව තිරප්පනේ පොලීසියට කඩා වැදී එහි සේවය කළ පොලිස් නිළධාරීන්ගේ රාජකාරියට බාධා කිරීම නිසා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ සාම්ප්‍රදායික හා කුඩා කර්මාන්ත සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය වීරකුමාර දිසානායක මහතාගේ රියදුරු වන සෙම්බුකුලම තිරප්පනේ පදිංචි ප්‍රදීප් කුමාර ධර්මදාස මේ මස 31දා දක්වා රක්ෂිත බන්දනාගාරගත කරන ලෙස අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් අතිරේක දිසා විනිසුරු රුවන්දිකා මාරපන මහත්මිය ඊයේ (23) නියෝග කර තිබේ.
22 දින රාත්‍රී 7.00ට පමණ නියෝජ්‍ය අමාත්‍යවරයාගේ රියැදුරා පොලිස්ථානයට පැමිණ කලහකාරී ලෙස හැසිරී තිබේ. ඒ අවස්ථාවේ එහි නිලධාරීන් ත්‍රීරෝද රථයක් අනතුරකයට පත්වීමක් සම්බන්ධයෙන් පැමිණිල්ලක් විභාගකරමින් සිට ඇත. අධික ලෙස බීමත්ව සිටි නියෝජ්‍ය අමාත්‍ය වීරකුමාර මහතාගේ රියදුරා නිරුවතින් පොලීසිය පුරා දුවමින්, කෑකෝ ගසමින් එහි නිළධාරීන්ගේ රාජකාරිවලට බාධාවන අයුරින් හැසිරී තිබේ.
එහිදී ඔහු අත්අඩංගුවට ගෙන අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කර ඇති අතර එහිදී ලද වාර්තා අනුව ඔහු අධික ලෙස බීමතින් සිටි බවට සනාත වී තිබේ.
ඔහුගේ මෙම අසභ්‍ය හැසිරීම එම පොලිස්ථානයේ නිලධාරීන් විසින් පටිගත කර ඇති අතර එයද අධිකරණයට ඉදිරිපත්කිරීමට නියමිතය.
මීට කලකට ඉහතදීද පුත්තලම පල්ලම ප්‍රදේශයේදී තරුණයෙකුට වෙඩිවැදී එහු මරණයට පත්විය. එහිදී මෙම නියෝජ්‍ය ඇමතිවරයා ඇතුළු පිරිස බීමතින් අහසට වෙඩි තබමින් යනවිට එම රථය නැවතීමට පොලීසිය අනකර ඇත. එම අන නොතකා ධාවනවූ රථයට පොලීසිය වෙඩි තැබූ අතර එම වෙඩි පහරින් නියෝජ්‍ය ඇමතිවරයා ලඟ සිටි එම තරුණයා මරණයට පත්විය.









