ඉන්ධන බෙදාහැරීමත් අනතුරේ


සපුගස්කන්ද තේල් පිරිපහදුවේ පිරිපහදු කටයුතු නතරවීම හේතුවෙන් ඉදිරියේදී ඉන්ධන බෙදාහැරීමේ කටයුතුවලද ගැටලු ඇතිවිය හැකි බව වාර්තා වේ.

ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාවේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයකු මාධ්‍ය වෙත මේ බව පවසා ඇත.

මේ තත්වය තුළ පාරිභෝගක ජනතාව සැලසුම්සහගතව හා කල්පනාකාරීව ඉන්ධන මිලදීගැනීම් කළයුතු බවද අවධාරණය කර තිබේ.

ඔහු වැඩිදුරටත් පවසා ඇත්තේ, අද (24) රාත්‍රී කාලය වනවිට එහි පිරිපහදු කටයුතු නතරවන බවත් පිරිපහදුව නැවත පිරිපහදුව යථාතත්වයට පත්කිරීම සඳහා රුපියල් ලක්ෂ 50ක් පමණ වැයවන බවත්ය.

මේ පිළිබඳව විද්වතුන් පවසන්නේ, ආණ්ඩුව විසින් පිරිපහදුව වසාදැමෙන තත්වයට පියවරෙන් පියවර, සැලසුම්සහගතව හා කුමන්ත්‍රණකාරීව කටයුතු කරන අතර එහි නිලධාරීන් විසින් සැලසුම්සහගතව හා කල්පනාකාරීම ඉන්ධන මිලදීගන්න යැයි පාරිභෝගික ජනතාවට කීම හාස්‍යයට කරුණක් බවය.

ආශ්‍රිත පුවත්

සපුගස්කන්ද පිරිපහදුව වසාදැමේ?

ඛණිජතෙල් සංස්ථාව රැකගැනීමට පෙරටඑමු – ලංකා ඛණිජතෙල් පොදු සේවක සංගමය

 

 

 

Facebook
Twitter
LinkedIn