එරාජ් ප්‍රනාන්දුට එරෙහි වංචා දූෂණ විමර්ශන එක තැන පල් වෙයි

එරාජ් ප්‍රනාන්දුට එරෙහි වංචා දූෂණ විමර්ශන එක තැන පල් වෙයි

හම්බන්තොට නගරාධිපති එරාජ් ප්‍රනාන්දු මහතා සභාපතිත්වය දරන නිව් ප්‍රෙටෙක්ට් ප්‍රොපර්ටි පෞද්ගලික ආරක්ෂක සමාගම විසින් පෑලියගොඩ මත්ස්‍ය වෙළඳ සංකීරණයේ ආරක්ෂාව සඳහා 2011-2013 සමයේ ගිවිසුමේ ප්‍රකාරව සේවකයන් නොයොදා වැඩි සේවකයන් ගණනක් සඳහා රුපියල් 17,592,903ක මුදලක් අයථා ලෙස උපයාගෙන ඇති බවට දූෂණ මර්දන කම්ටු ලේකම් කාර්යාලය වෙත ලැබී ඇති පැමිණිල්ලක් පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත යොමු කර ඇති බව වාර්තා වේ.

රජයේ සේවකයෙකු වන නගරාධිපතිවරයාට මෙලෙස රජය සමඟ වෙළඳ ගිවිසුම්වලට එළඹීමට නගර සභා අඥාපනතට අනුව නොහැකි අතර පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපොලේ ස්ථානභාර නිලධාරීවරු, අමාත්‍යංශ ලේකම්වරයා හා ගණකාධිකාරීවරයා නිසි පරික්ෂාවෙන් තොරව හෝ දැනුවත්ව රජයේ මුදල් අයථා පරිහරණයට ඉඩදී ඇති බවට ද චෝදනා එල්ලකර ඇත.

දූෂණ මර්දන කම්ටු ලේකම් කාර්යාලය මගින් සිදුකළ මූලික අධ්‍යනයෙන් පසු මෙම පැමිණිල්ල ලිපිගොනු අංක ACC/FC/2015/88 යටතේ නගරාධිපති එරාජ් ප්‍රනාන්දු මහතාට එරෙහිව මූල්‍ය දූෂණය, මුදල් විශුද්ධිකරණ පනත, රජයේ ආයතන සංග්‍රහය සහ නගර සභා පනතේ ප්‍රකාරවත්,

අදාල අමාත්‍යංශ නිලධාරීන් වන අදාල කාල සීමාවේ ධීවර හා ජලජ සම්පත් අමාත්‍යංශයේ ලේකම්, ධීවර සංස්ථාවේ සභාපති, ගණකාධිකාරී සහ පෑලියගොඩ මත්ස්‍ය සංකීරණයේ කළමනාකරු යන අයට දූෂණයට අනුබල දීම සහ ආයතන සංග්‍රහයේ ප්‍රකාර ඉදිරි විමර්ශණ සිදු කිරීමට නිර්දේෂ ඉදිරිපත් කරමින් පොලිස් මූල්‍ය අපරාධ විමර්ශණ කොට්ඨාසය වෙත 2015.03.19 දින යොමු කර ඇතත් ඒ සම්බන්ධයෙන් මේ දක්වා සිදු කර ඇති විමර්ශන සම්බන්ධයෙන් කිසිවක් වාර්තා නොවේ.

ඒ සම්බන්ධ නීතිය ක්‍රියාත්මක වීම කුමණ තලයක තිබුනද එරාජ් ප්‍රනාන්දු මේ වනවිට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මෛත්‍රී පාර්ශවයෙන් පළාත් පාලන මැතිවරණයේ අපේක්ෂකයෙකු ලෙස හම්බන්තොට මහ නගර සභාවට තරඟ කරමින් සිටියි.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්