අයිතින් දිනිමට ප්රජාතන්ත්රවාදය තහවුරු කිරිමට වැඩකරන ජනතා බලයක් ගොඩනගමු යන තේමාව යටතේ ලංකා ටෙලිකොම් සේවා සංගමයේ සිය 7 වන වාර්ෂික මහා සමුළුව අද දින (07) කොළඹ සේවා මුක්ත භට සංගම් ශාලාවේදී ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ සභාපති කේ.ඞී. ලාල්කාන්ත ප්‍රධානත්වයෙන් පැවැත්විණි. 100 කට ආසන්න සේවක පිරිසක් මෙම සමුළුව සඳහා සහභාගී වී සිටි අතර එම සංගමයේ නිල වෙබ් අඩවිව විවෘත කිරීමද එහිදී සිදුවිය.
ලංකා ටෙලිකොම් සේවා සංගමයේ නව ලේකම්වරයා ලෙස ජයසුන්දර සහෝදරයා තේරී පත්වී ඇත. මේ අතර මෙම සමුළුවේ නිල සභා වාරයේදී තමන්ටද නිලතල ලබාදෙන ලෙස ඉල්ලා සිටි සේවකයින් කිහිප දෙනෙකු විසින් යම් යම් ප‍්‍රකාශයන් කිරීමත් සමග සමුළුවට සහභාගී වී සිටි සාමාජිකයින්ගේ විරෝධය ඔවුන්ට එල්ලවීම හේතුවෙන් ඔවුන් සමුළු ශාලාවෙන් ඉවත් වී ඇති බවද වාර්තා වේ.



5









