රජයට එරෙහිව එල්ල වු විරෝධතා හේතුවෙන් කුවේට් අග්‍රාමාත්‍ය ෂේක් නසීර් අල් මොහොමඩ් අල් සබා මහතා සිය ධූරයෙන් ඉල්ලා අස්වී ඇතැයි එරට මාධ්‍ය වාර්තා සදහන් කරයි. 2006 වසරේ කුවේට් රජයේ අග්‍රාමාත්‍යවරයා ලෙස තේරී පත්වූ ඔහු මේවන තෙක් නොකඩවා අග්‍රාමාත්‍ය ධූරය දැරීය.
කුවේට් පාර්ලිමේන්තුවේ විපක්ෂයේ මන්ත්‍රීවරුන් 15 දෙනෙකුට රජයට සහය දැක්වීම සඳහා අල්ලස් ලබාදීමක් සම්බන්ධයෙන් චෝදනාවක් ද අග්‍රාමාත්‍යවරයාට එරෙහිව එල්ල වී තිබුණු අතර එරට ජනතාව රජයට එරෙහිව උද්ඝෝෂණවලද නිරත විය.
කෙසේවෙතත් මෙම ඉල්ලා අස්වීම සම්බන්ධයෙන් කුවේට් රජයේ විපක්ෂයේ ප්‍රසාදය එල්ල වී ඇති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි.
4









