පසුගිය 26 දින පැවැති පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ උත්තර පත්‍ර ඇගයීම් කටයුතු ලබන 3 වෙනි දින ආරම්භ කිරීමට නියමිත බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.
නමුත් මෙම ප්‍රතිඵල ලබාදීම සිදුවනුයේ එම විභාගයට අදාළ ප්‍රශ්න පත්‍ර විභාගයට පෙරාතුව ඇතැම් සිසුන් අතට පත්ව ඇතැයි යන්න පිළිබඳ රහස් පොලිස් පරීක්ෂණ නිමවූ පසුව යැයිද අමාත්‍යාංශය වැඩිදුරටත් වාර්තා කිරයි.
මේ අනුව මෙවර පැවැත්වූ ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල ලබාදීමද අවුල්සහගත තත්වයක් නිර්මාණය කරනු ඇතැයි එහි අභ්‍යන්තර ආරංචිමාර්ග පවසයි.
2









