තමා පැලදසිටි රන්බඩු හා මුදලින් රුපියල් 5000/-ක මුදලක්ද කඩුවෙල ප්‍රදේශයේ පිහිටි තම වෙළදසැලේ බඩුද කොල්ලකෑ බව කියමින් කඩුවෙල උසාවියට ගොනුකර තිබූ නඩුවක් ඊයේ (29) කැදවූ අවස්ථවේදී එහි පැමිණිලි කාරිය වූ බී.ජී. ප්‍රේමවතී නම් වූ 73 හැවිරිදි කාන්තාව උසාවිය තුළ ඇද වැටී මියගෝස් ඇතැයි වාර්තා වේ.
මෙම කොල්ලකෑම සම්බන්ධයෙන් චෝදනා ලැබසිටි මවක හා දරු දෙන්නා කඩුවෙල උසාවියේ දී හඳුනාගැනීමේ පෙරෙට්ටුවට ඉදිරිපත් කළ අවසථාවේ දී පැමිණිලිකාරිය එම ස්ථානයේදී ඇදවැටී ඇත. කෙසේවෙතත් ඇයව නවගමුව රෝහලට ගෙන ගිය නමුත් ඒ වන විටත් ඇය මියගොස් ඇත.
8









