බ්‍රිතාන්‍ය ‍රාජ්‍යසේවකයන් වැඩ වර්ජනයක

බ්‍රිතාන්‍යයේ මිලියන 2 ක් වන රාජ්‍ය සේවකයන් ලබන නොවැම්බර් 30 වැනිදා සිට සිය රාජකාරී කටයුතු වලින් බැහැරවීමට තීරණය කර ඇත.

රාජ්‍ය සේවයේ විශ්‍රාම වැටුප් ක්‍රමයට විරෝධය පළකිරීම මෙම විරෝධතාවයේ අරමුණ වී ඇතැයි ඔවුන් සදහන් කරයි. මේ හේතුවෙන් බ්‍රිතාන්‍යයේ හීත්‍රෝ ගුවන් තොටුපලේද විශාල අර්බුදයක් ඇතිවීමට ඉඩ ඇතැයිද බ්‍රිතාන්‍ය ගුවන් සේවය මගීන්ට අනතුරු අගවා ඇත.

මේ හේතුවෙන් බ්‍රිතාන්‍ය ආර්ථිකයට දැඩි බලපෑම් එල්ලවන බව එරට මාධ්‍ය තව දුරටත් වාර්තා කරයි.

Facebook
Twitter
LinkedIn