බානි වලිඩ් නගරයත් අන්තර්පාලන හමුදා අතට

 

 

පලාගිය ලිබියානු නායක ගඩාපිට හිතවත් හමුදා අවසන් වරට අත්පත්කරගෙන සිටි නගර දෙකින් එකක් වන බානි වලීඩ් පසුගිය 17 වැනි දින අන්තර්පාලන හමුදා අතට පත් විය.

ට්‍රිපෝලි අහිමි වීමෙන් පසු ඊට කි.මී.170ක් දකුණින් පිහිටි බානි වලීඩ් හා සර්වේ නගර දෙකට ඒකරාශී වූ ගඩාෆි හමුදා කොටස් ඉදිරියට එමින් සිටි අන්තර්පාලන හමුදාවලට දරුණු ලෙස ප්‍රහාර එල්ල කලහ. එහෙත් දරුණු ප්‍රහාර හා සැපයුම් සීමා කිරීම් හමුවේ එම නගරයද අත්හැරීමට ඔවුනට සිදුවී තිබේ. මේ වන විට ජයග්‍රාහී හමුදා පල්ලි හා අනෙකුත්  ගොඩනැගිලි මත රතු කළු සහ කොළ පැහැ කොඩි ඔසවමින් ගඩාෆි පාලනයේ ලෝකයේ සංකේත කඩා බිඳ දමමින් සිටින බවද වාරථාවේ.

මේ අතර පසුගිය ඉරිදා ගඩාෆි හිතවාදී රූපවාහිනියක් විකාශය කළේ ගඩාෆිගේ පුත් කාමිස් ටාහොඋනා (Tarhouna) නගරයේදී පැවති සටන්වලින් (පසුගිය අගෝස්තුවේදී) මිය ගිය බවය. මිය ගිය බවට මාධ්‍යයේ දෙවරක්ම ප්‍රකාශය වූ කාමීස් ඔහුගේ නමින්ම වන හමුදා බලකායක ප්‍රධානියාව සිටියේය.

ගඩාෆි හිතවාදී හමුදා තවමත් සර්වේ නගරය රැක ගැනීම සඳහා සටන් වදිමින් සිටින අතර එය ගඩාෆිගේ උපන් බිම ද වෙයි. මේ වන විට සර්වේ හි පදිංචිකරුවන් වැඩි දෙනෙක් නගරය අත්හැර පලා ගොස් ඇති අතර ගඩාෆි හිතවාදී හමුදා කොටස් නගර මධ්‍යයේ සටන් වැදී සිටිති.

මේ අතර අන්තර් පාලන අණ්ඩුව විසින් ගඩාෆිගේ මාලිගා සංකීර්ණය වන බබී අල් අසීසියා බිමට සමතලා කරමින් සිටින අතර එහි ප්‍රකාශකයෙකු මාධ්‍යට කියා තිබුණේ, දුෂ්ටත්වයේ සංකේත විනාශ කර දැමීය යුතු බවයි.

 

 

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්