පොල්ස්පති සහ නීතිපති ඉල්ලා අස්විය යුතුයි – ආසියානු මානව හිමිකම් කොමිසම

 

භාරත ලක්ෂ්මන් ඇතුළු සිව්දෙනෙක් ඝාතනය කිරීම සම්බද්ධව චෝදනා ලැබසිටින දුමින්ද සිල්වාට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට නොහැකිව ඇත්තේ දේශපාලන බලපෑම් නිසා නම් ඊට විරෝධය දක්වා පොලිස්පති සහ නීතිපති ඉල්ලා අස්විය යුතු බව නිවේදනයක් නිකුත්කරමින් ආසියුනු මානව හිමිකම් කොමිසම අවධාරණය කරයි.

එහි වැඩිදුරටත් මෙසේ දැක්වේ.

මිනීමැරුම සුළුකොට තැකිය නොහැක. මිනීමරුවන් දඩුවමට යටත්විය යුතුයි යන්න මූලික සදාචාරාත්මක මානව සිද්ධාන්තයකි. භාරත  ලක්ෂ්මන් ඇතුළු සිව්දෙනෙක්  ඝාතනය කිරීමට සෘජුවම සම්බන්ධ බවට සාක්ෂිකරුවන් විසින් හදුනාගනු ලැබූ දුමින්ද සිල්වාට එරෙහිව නීතිමය පියවරක් නොගැනීම නින්දිතභාවය මිස අන් කිසිවක් නොවේ. මිනීමැරුම පිළිබද දඩුවම් නැති සමාජයක වරද පිළිබද හා දඩුවම පිළිබද ඇති නිර්ණායකය කුමක්ද? වරදකරුවන්ගේ තරාතිරම නොබලා නීතිය ඉදිරිය පැමිණවිය යුතුය හා දඩුවම් දිය යුතුය යන්න සමාජ පිළිගැනීම හා විශ්වාසයයි. රජය සහ එහි ඉහළ නිලධාරීන් දුමින්ද සිල්වාට සලකන ආකාරය තුළින් සමාජ සම්මතයන් හාස්‍යයට ලක්කරයි. මෙතුලින් නීති පද්ධතියේ ඇති මූලික සිද්ධාන්ත අගාධයකට ඇද දමයි. සමාජ සදාචාරාත්මක පදනමද ඒ සමගම අගාධයට යයි. ලංකාවේ නීති පද්ධතිය රරේ මූලික සදාචාර හර පද්ධතීන් ආරක්ෂා කිරීමට පවා නොහැකි තැනට කඩාවැටී ඇත. මිනීමැරුමද සදාචාරාත්මක බවට පත්වේ. දුමින්ද සිල්වාට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට නොහැකිව ඇත්තේ දේශපාලන බලපෑම් නිසානම් ඊට විරෝධය දක්වා පොලිස්පත් හා නීතිපති ඉල්ලා අස්විය යුතුවේ. එතුලින් නීතිය පිළිබද බලාපොරොත්තුවක් තබාගැනීමට හැකි බව සමාජයට ඒත්තු ගැන්වෙනු ඇත.

ක්‍රමය මියගොස් ඇත. විරෝධය පා ඉවත්වීම සිදු නොවනු ඇත. එකම සදාචාරාත්මක යුක්තිය ඉටුකළහැකි ක්‍රමය වන්නේ සමාජය විසින් මෙම මියගිය ක්‍රමය වර්ජනය කිරීමයි.

ආසියානු මානව හිමිකම් කොමිසම.

 

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්