පොලීසියට වෙඩි තැබූ කුඩු පාතාලයේ තවත් දෙක් අත්අඩංගුවට

පොලීසියට වෙඩි තැබූ කුඩු පාතාලයේ තවත් දෙක් අත්අඩංගුවට

වැටලිමකට ගිය පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරින් කණ්ඩායමකට පිළියන්දලදී වෙඩි ප්‍රහාරයක් එල්ල කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් තවත් සැකකරුවන් දෙදෙනකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

මෙම අපරාධය සිදුකිරිමට කුමන්ත්‍රණය කිරිම සහ එයට ආධාර අනුබල දීම යටතේ මොවුන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා වයස අවරුදු 57ක් සහ 31 යන වයස්වල පසුවන්නන් බවත් ඔවුන් කැස්බෑව හා පිළියන්දල ප්‍රදේශවල පදිංචිකරුවන් බවද පොලිසිය සඳහන් කරයි.

සැකකරුවන් අද (30) කැස්බෑව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතය.

Facebook
Twitter
LinkedIn