මුදලට වෛද්‍ය උපාධිය විකුණන මාලඹේ සයිටම් ආයතනය සම්බන්ධයෙන් ඊයේ (24) රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සහ ජනාධිපතිවරයා අතර පැවති හදිසි සාකච්ඡාවේදී පැමිණි එකඟතා සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ ස්ථාවය මේ වනවිට ලිඛිතවම ලබා දී තිබේ.
ජනාධිපති ලේකම් පී.බී අබේකෝන් මහතාගේ අත්සනින් නිකුත් කර ඇති එම නිවේදනය අනුව එම නීතිවිරෝධීව පිහිටුවා ඇති සයිටම් ආයතයට රජයේ පිළිගැනීම ලැබෙන අතර එය රාජ්‍ය හා පෞද්ගිලික ඒකාබද්ධ ආයතනයක් ලෙස පවත්වාගෙන යාමට තීරණය කර තිබේ.
සයිටම් ආයතනය මුළුමනින්ම අහෝසි කරණ ලෙස විශ්වවිද්‍යාල සිසුන්, වෘත්තීය සමිති, දේශපාලන පක්ෂ දැවැන්ත අරගලයක නිරතව සිටින අතර පසුගියදා සයිටම් විරෝධී සිසුන්ට එල්ල කළ ම්ලේච්ච පොලිස් ප්‍රහාරයට විරෝධය දක්වමින් සහ සයිටම් අහෝසි කරන ලෙස ආණ්ඩුවට බලකරමින් පැවති අඛන්ඩ වෛද්‍ය වැඩ වර්ජණය අතරතුර රජයේ වෛද්‍යනිලධාරීන්ගේ සංගමය සහ ජනාධිපතිවරයා අතර පැවති සාකච්ඡාවකදී පැමිණි එකඟතා අනුව ජනාධිපතිවරයා ධනාත්මක ප්‍රතිචාරයක් දැක්වූ බව පවසමින් එම වැඩවර්ජනදය නතර කර දමන ලදී.
එම සාකච්ඡාවෙන් පසු ජනාධිපතිවරයා මෙම නිවේදනය නිකුත් කර ඇත.
.jpg)










