ඩෙංගු නසන අලුත් මදුරුවා පරිසරයට මුදාහරියි

ඩෙංගු නසන අලුත් මදුරුවා පරිසරයට මුදාහරියි

ඩෙංගු මදුරු කීටයන් විනාශ කිරීම සඳහා යොදා ගැණෙන නව මදුරු විශේෂයේ එක් මදුරුවෙකුගේ කීටයෙකුට ඩෙංගු කීටයන් 400කට ආසන්න සංඛ්‍යාවක් විනාශ කළ හැකි බව වෛද්‍ය පර්යේෂණ ආයතනය මෙතෙක් සිදුකළ පරීක්ෂණවලින් අනාවරණය කරගෙන ඇතැයි වාර්තා වේ.

ඒ අනුව දැනටමත් එම මදුරු විශේෂයේ පර්යේෂණ මට්ටමේ කටයුතු සාධනීය බව එහි පරපෝෂිතවේද සහ කීට විද්‍යා අංශ ප‍්‍රධානි විශේෂඥ වෛද්‍ය සාගරිකා සමරසිංහ මහත්මිය පවසයි.

මෙම මදුරුවා කුමණ අවස්ථාවකදීවත් මිනිසුන්ට දෂ්ඨ නොකරන අතර මදුරුවාගේ ආහාරය මල්පැණි බව සඳහන් කරයි. ඒ අනුව මෙම මදුරුවාගේ කීටයා ඉතා කාර්යක්ෂමව ඩෙංගු කීටයන් විනාශ කරනු ඇති බවත් ඔවුන් සඳහන් කරයි.

මෙම මදුරු විශේෂය දැනටමත් විවිධ ප‍්‍රදේශවලට මුදා හැර ඇති බවද ඒ අනුව එහි නිරීක්ෂණ කටයුතු සිදු කෙරෙන බවද ප‍්‍රකාශ කරයි.

මෙම මදුරු විශේෂය ඩෙංගු කීටයින් විනාශ කිරීම සඳහා යොදා ගැණුනද ඩෙංගු කීට ගහණය අවම කර ගැනීම සඳහා විධිමත් ලෙස කසල බැහැර කිරීම වැදගත් බවද පරපෝෂිතවේද සහ කීට විද්‍යා අංශ ප‍්‍රධානි විශේෂඥ වෛද්‍ය සාගරිකා සමරසිංහ මහත්මිය මෙහිදී අවධාරණය කරයි.

ඩෙංගු වාහක මදුරු කීටයන් විනාශ කිරීම සඳහා හඳුනාගත් නව මදුරු විශේෂය මේ වනවිට කුණ්ඩසාලේ සහ පේරාදෙණිය යන ප‍්‍රදේශවලට මුදාහැර ඇතැයිද විශේෂඥ වෛද්‍ය සාගරිකා සමරසිංහ මහත්මිය අනාවරණය කර සිටියේය.

හඳුනාගත් නව මදුරු විශේෂය නාගරික පරිසරවලට මුදා හැරීම තවමත් අභියෝගයක් වී ඇතැයිද ඇය වැඩිදුරටත් සඳහන් කරයි.

Facebook
Twitter
LinkedIn