වැහි අනතුරු නිසා 13ක් මරුට

 

තද සුළං සහ අධික වැසි හේතුවෙන් මේ වන විට 13 දෙනෙකු මියගොස් ඇතැයි වාර්තා වේ.

 

ජාතික ආපදාකරණ මධ්‍යස්ථානය සදහන් කරන්නේ පවුලි 6496 කට අයත් පුද්ගලයන් 26011 දෙනෙකු මේ වනවිට පීඩාවට පත්වී ඇති බවයි.

ගාල්ල, මාතර, හම්බන්තොට, අනුරාධපුර, මඩකලපුව, මොණරාගල, බදුල්ල, කිලිනොච්චිය, අම්පාර, නුවරඑළිය සහ කළුතර යන දිස්ත්‍රික්කවල වෙසෙන ජනතාව මෙසේ ආපදා තත්වයන්ට මුහුණදී ඇතැයි ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය වැඩිදුරටත් සදහන් කරයි.

මේ වන විට අතුරුදහන් වූ පිරිස් සෙවීම නාවික හමුදා‍වේ සහයෝගය ඇතිව සිදු කරන බවද වාර්තා වේ.

 

 

Facebook
Twitter
LinkedIn