ඉන්දියාවේ මුම්බායි අගනුවරට එල්ලවූ ත්‍රස්ත ප්‍රහාරයට අදට වසර 3 ක් සපිරේ. එම ප්‍රහාරය සම්බන්ධයෙන් චෝදනා එල්ලවී ඇත්තේ පාකිස්ථානය කේන්ද්‍රකොටගෙන ඇති ත්‍රස්තවාදී කණ්ඩායමකටය.
මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගන්නා ලෙස ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස්. එම් ක්‍රිෂ්නා මහතා පාකිස්ථානයට දැනුම් දී ඇත. ඒ සදහා අවශ්‍ය නීතිමය කරුනු තමන් සතුව පවතින බවත් ඔහු වැඩිදුරටත් සදහන් කර ඇත.
පාකිස්ථානය විසින් මුම්බායි ප්‍රහාරය සදහා ගනු ලබන ක්‍රියාමාර්ග සම්බන්ධව ඉන්දියාව දැඩි විමසිල්ලෙන් සිටින බවද අමාත්‍යවරයා පවතා ඇති බවත් වාර්තා වේ.
13









