20යි 20ත් පකිස්ථානය ජය ගනී

 

ර්වල ක්‍රීඩා විලාසය යළිත් වරක් පිළිඹිබු කිරිම හේතුවෙන් පාකිස්ථානය සමඟ පැවති පන්දුවාර 20යි 20 තරඟයත් ශ්‍රී ලංකා කණ්ඩායම පරාජය විය.

 

කාසිය වාසිය දිනූ ශ්‍රී ලංකා නායක ටී.එම්.ඩිල්ෂාන් ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට තීරණය කළ අතර පළමු කඩුල්ල සදහා ඩිල්ශාන් සහ උපුල් තරංග අතර සම්බන්ධතාව ලකුණු 30 කට සීමා කිරීම‍ට පකිස්ථාන පන්දු යවන්නන් සමත් විය. ශ්‍රී ලංකාව පන්දුවාර 17යි පන්දු 4ක් අවසානයේදි කඩුලු 5කට ලකුණු 133ක් ලබා සිටි නමුත් අවසන් කඩුලු 5ම ලකුණු 8ක් තුළ  දැවී ගියේය.

ඒ අනුව ශ්‍රී ලංකාවට පන්දුවාර 19යි පන්දු 3ක් අවසානයේදි සියලුදෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 141ක් පමණි. ශ්‍රී ලංකා ඉණිමේ ක්‍රීඩකයින් 6දෙනෙකුම ලකුණු 10ට අඩුවෙන් දැවීයාම විශේෂත්වයකි.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කල පාකිස්ථාන කණ්ඩායම පන්දුවාර 19යි පන්දු 3ක් තුළදී සිය ජයග්‍රහණයේ ඉලක්කය පසු කිරිමට සමත් විය.‍

මෙම තරඟ සංචාරයේදීම පාකිස්ථානය සමඟ පැවති ටෙස්ට් තරඟාවලිය සහ එක්දින තරඟාවලියෙන් ද ශ්‍රී ලංකා කණ්ඩායම පරාජය වීම විශේෂත්වයක් බව ක්‍රිකට් විස්තර විචාරකයේ සදහන් කරති.

 

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්