උතුරු පළාත් අධ්‍යාපන ඇමැති ඉලංකෙයි තමිල් අරසු කච්චි පක්ෂයේ එස්. කුරුකුල රාසා මහතා සිය තනතුරින් තාවකාලිකව ඉල්ලා අස්වීමට තීරණ කර ඇතැයිද ඔහුගේ ඉල්ලා අස්වීමේ ලිපිය බාරදී ඇතැයිද වාර්තා වේ.
තමාට විරුද්ධව ඇති දූෂණ චෝදනා සම්බන්ධයෙන් පරීක්ෂණ සිදු කර තීන්දුවක් දෙන තුරු තමන් සිය පළාත් අධ්‍යාපන ඇමැති ධූරයෙන් ඉවත්වන බව එම ඉල්ලා අස්වීමේ සඳහන්ව ඇති බව වාර්තා වේ.
උතුරු පළාත් අධ්‍යාපන ඇමැති සහ කෘෂිකර්ම ඇමැතිවරයාට එරෙහිව දූෂණ චෝදනා ඇති බවත් ඒ සම්බන්ධයෙන් සොයා බලා ඔවුන් වැරදිකරුවන්නම් ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බවත් මහ ඇමති සී.වී. විග්නේෂ්වරන් මහතා පසුගියදා ප්‍රකාෂ කර තිබිණ.
.jpg)
Views: 0










