අලියෙක් කළ හදියක්

අලියෙක් කළ හදියක්

අනුරාධපුර පාදෙණය මාර්ගයේ තලාව සුසාන භුමිය අසළදි අද (12) පෙ.ව. 5.50ට පමණ පාර මාරු විමට පැමිණි අලියකුගේ ගැයටීමෙන් කාන්තාවක් පැදවු මෝටර් රථයකට බරපතල හානි සිදුවී තිබේ.

මෙසේ අනතුරට පත්ව ඇත්තෙ අනුරාධපුර සිට කුරුණැගල දෙසට ගමන් ගත් මොටර් රථයකි.

අලියා මොටර් රථයේ වැදිමත් සමග මොටර් රථය උඩට අලියා පෙරලි තිබේ. ඉන්පසු බිය වු අලියා වනයට පලා ගියද අලියා හටද තුවාල සිදු වී තිබු බව සිද්දිය දුටුවෝ පවසති.

අනතුරින් මෝටර් රථයේ ගමන් ගත් කිසිම කෙනෙකුට හානියක් සිදුවි නොමැත.

Facebook
Twitter
LinkedIn