ආපදා තත්ත්වය ගැන කල්තැබීමේ විවාදය ඇරඹේ – රාත්‍රී 08 දක්වා පාර්ලිමේන්තුව පැවැත්වේ

ආපදා තත්ත්වය ගැන කල්තැබීමේ විවාදය ඇරඹේ – රාත්‍රී 08 දක්වා පාර්ලිමේන්තුව පැවැත්වේ

ආපදා තත්ත්වය පිළිබඳ පාර්ලිමේතු විවිදාය මේ වනවිට ආරම්භ වී තිබේත.

ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා විසින් විවාදයට අදාළ යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අතර අද (09) පෙරවරු 10.30ට ආරම්භ කළ පාර්ලිමේන්තුව රාත්‍රී 08 දක්වා විවාදය පැවැත්වීමට නියමිත ය.

සාම්ප්‍රදායිකව පාර්ලිමේන්තු රැස්වීමක දී සිදුකරන වාචික පිළිතුරු අපේක්ෂාවෙන් යොමු කරන ප්‍රශ්න ඇසීම්, ස්ථාවර නියෝග 23(2) යටතේ සිදුකරනු ලබන විශේෂ ප්‍රකාශ ආදී කිසිවක් අද පාර්ලිමේන්තුවේදී සිදු නොකරන බවත් දිවා ආහාර විවේකය ද ලබා නොදෙන බවත් කථානායකවරයා පාර්ලිමේන්තුවට දන්වා ඇත.

මේ අතර ආපදා තත්ත්වය හේතුවෙන් අවතැන් වූ පුද්ගලයින් 13,000ක් පමණ තදුරටත් ආරක්ෂිත ස්ථාන 149ක රැදී සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

මේ අතර අඛණ්ඩව වැසි පැවතියහොත් නායයාමේ අවදානම තවදුරටත් පවතින බවට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය නිකුත් කළ නිවේදනයේ අද පස්වරුව දක්වා බලපැවැත් වෙයි.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්