එංගලන්ත මහ මැතිවරණය ඊයේ (08) දිනයේ පැවැති අතර අගමැති තෙරේසා මේ ගේ පාලක කන්සර්වේටිව් පක්ෂයට හෝ කම්කරු පක්ෂයට බහුතර බලය ලබා ගැනීමට දුෂ්කර වනු ඇතැයි සමීක්ෂණවර්තා පෙන්වා දෙයි.
ආසන 650කින් සමන්විත බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ බහුතර බලයක් ලබා ගැනීම සඳහා ආසන 326ක් ලබා ගත යුතු වුවත් සමීක්ෂණ වාර්ත ප්‍රකාශ කර ඇත්තේ අගමැති තෙරේසා මේ ගේ පාලක කන්සර්වේටිව් පක්ෂයට හිමි වන ආසන සංඛ්‍යාව 314ක් වන බවයි.
මේ වනවිට ආසන 641ක ප්‍රතිඵල නිකුත් කර ඇති අතර ඉන් ආසන 311 ක් පාලක කන්සර්වේටිව් පක්ෂයද ආසන 260ක් කම්කරු පක්ෂයද ආසන 35ක් ස්කෝට්ලන්ත ජාතික පක්ෂයද ආසන 12ක් ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයද දිනා ගැනීමට සමත්ව තිබේ.
ඒ අනුව තෙරේසා මේ ගේ පාලක කන්සර්වේටිව් පක්ෂයට ජයග්‍රහණය අත්කර ගැනීමේ හැකියාව පැවතියත් බහුතරය සහිත ආණ්ඩුවක් ගොඩනැගීමේ හැකිව අහිමි වනු ඇතැයි මත පළ වේ.
1










