ක්‍රෙම්ලීනයේ සයිබර් ප්‍රහාරයන් ගැන හඬ නඟන වොෂින්ටනය!

ක්‍රෙම්ලීනයේ සයිබර් ප්‍රහාරයන් ගැන හඬ නඟන වොෂින්ටනය!

ඇමෙරිකාව විසින් නිරන්තරයෙන් රුසියාවට එල්ල කරනු ලබන සයිබර් ප්‍රහාර චෝදනා සම්බන්ධයෙන් ක්‍රෙම්ලීනයේ  මාධ්‍ය ලේකම් දිමිත්‍රි පෙස්කොව් ප්‍රතිචාර දක්වා තිබේ.

ඔහු පවසන්නේ ඇමෙරිකානු රාජ්‍ය තුලින්  එල්ල වන සයිබර් ප්‍රහාරයන්ට රුසියාව නිරතුරු ලක්වන නමුත් තමන් එම ප්‍රහාරයගේ වගකීම ඇමෙරිකානු පාලනය මත පැටවීමට උත්සුක නොවන්නේ එවැනි චෝදනාවක් එල්ල කළ හැක්කේ ප්‍රහාරය පිළිබඳව සිදු කරන විදිමත් පරීක්ෂණයක් තුළින් පමණක් බවත් නමුත් කිසිදු විටෙක ඇමෙරිකාව සිදු කරන ආකාරයට එවැනි සයිබර් ප්‍රහාරයන් පිළිබඳව  උළුප්පා දැක්වීමට තමන් ක්‍රියා නොකර බවයි.

මේ අතර රුසියානු නියෝජ්‍ය විදේශ අමාත්‍ය සර්ගි රියාබ්කොව් රුසියානු පාර්ලිමේන්තුව තුළදී ප්‍රකාශ කර ඇත්තේ ඇමෙරිකානු රාජ්‍යය තුළින් මොස්කව් පාලනයට එල්ල වන සයිබර් ප්‍රහාරයන්ගේ ප්‍රමාණය මුළු ප්‍රහාරයන්ගෙන් 28%ක් බන අතර රුසියානු රාජ්‍ය තුළින් ඇමෙරිකානු පාලනයට එල්ල වන සයිබර් ප්‍රහාරයන්ගේ ප්‍රමාණය 2-3% ක් අතර පවතින බවයි.

ඊට ප්‍රතිචාර දක්වමින් ඇමෙරිකානු රාජ්‍ය ප්‍රකාශක හීතර් නොඅර්ට් ප්‍රකාශ කර ඇත්තේ එම ප්‍රකාශය ප්‍රචාරයක් පමණක් වන අතර ඊට එහ අදහස් දැක්වීමක් තමන් නොකරන බවයි. මෙම සයිබර් අපරාධ වළක්වා ගැනීම පිළිබඳව ද්වී පර්ශවික ක්‍රියාමාර්ගයක්  පිළිබඳව තමන් යෝජනා කර ඇති නමුත් ඊට යහපත් ප්‍රතිචාරයක් වොෂින්ටනයේන් මෙතෙක් ලැබී නැතැයි රුසියාව පවසයි.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්