ඉරාන පාර්ලිමේන්තු ප්‍රහාරයේ වගකීම අයි.එස්. බාරගනී

ඉරාන පාර්ලිමේන්තු ප්‍රහාරයේ වගකීම අයි.එස්. බාරගනී

ඉරානයේ ටෙහෙරාන් අගනුවර පිහිටා ඇති පාර්ලිමේන්තුව ඉලක්ක කරගනිමින් අද (07)  එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයේ හා වෙඩි ප්‍රහාරයේ වගකීම අයි.එස්. ත්‍රස්තවාදීන් බාරගෙන තිබේ.

මෙම මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයෙන් ඉරාන ආරක්ෂක අංශ සාමාජිකයින් ඇතුළු පුද්ගලයින් 12 දෙනෙකු මියගොස් තවත් පුද්ගලයින් 30 දෙනෙකු තුවාල ලබා ඇති බව වාර්තා වේ.

ප්‍රහාරකයින් පාර්ලිමේන්තුව පමණක් නොව ඉරානයේ අධ්‍යාත්මික නායක අයතුල්ලා කුමෙයිනිගේ සොහොන පිහිටි කෞතුකාගාරයක්ද ඉලක්ක කර ගනිමින් තවත්  ප්‍රහාරයක් එල්ල කර තිබේ. පාර්ලිමේන්තු සංකීර්ණය හා අයතුල්ලා කුමෙයිනි සොහෙන පිහිටි ස්ථානය අතර කිලෝමිටර් 20ක පමණ දුරක් ඇති බව පැවසෙන අතර පාර්ලිමේන්තුවට ප්‍රහාරය එල්ල කිරීම සඳහා සන්නද්ධ පුද්ගලයින් සිව් දෙනෙකු පැමිණි බව පැවසේ.

Facebook
Twitter
LinkedIn