ආනමඩුව පීසීගේ නිවසේ කසිප්පු තිත්පොලක් – ගිණි අවියකුත් හමුවෙයි

ආනමඩුව පීසීගේ නිවසේ කසිප්පු තිත්පොලක් – ගිණි අවියකුත් හමුවෙයි

කල්පිටිය නොරෝච්චෝල පොලිස්ථානයේ සේවය නියුතුව සිටි ආණමඩුව තෙන්නන්කුරියාවේ පොලිස් නිලධාරියකුගේ නිවසේ කසිප්පු පෙරන බවට ලද තොරතුරකට අනුව ඔහුගේ නිවස පරික්ෂා කිරීමේදී කසිප්පු බෝතල් තොගයක්,ගෝඩා බැරල්, ටී 56 ගිනි අවියක් සහ පිස්තෝලයක් සොයා ගත් බව ආණමඩුව පොලිසිය කියයි.

මෙම ගිනි අවි හිටපු අමාත්‍යවරයකු වන දමු දසනායක මහතාගේ නිවසින් රැගෙන ආ බවට පොලිස් කොස්තාපල්වරයා ප්‍රශ්න කිරීම්වලදී පවසා තිබේ. සැකකාර පොලිස් කොස්තාපල්වරයා අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිසිය කියයි.

 

Facebook
Twitter
LinkedIn