සාලාව පිපිරී අදට වසරයි – තවමන් සාධාරනය ඉටු වී නැහැ

සාලාව පිපිරී අදට වසරයි – තවමන් සාධාරනය ඉටු වී නැහැ

සාලාව හමුදා කඳවුරේ අවි ගබඩාව තුළ පිපිරීම සිදු වී අද (05)ට වසරක් ගත වී තිබෙන නමුත් ඉන් ජීවිත, දපෙළ හා උන්හිටි තැනි පවා අහිමිව අසාධාරණයට පත් ජනතාවට සහන සැලසීමේදී 90%කට තවමත් සාධාරණයක් ඉටු වී නොමැති බව සාලාව කඳවුර තුළ සිදු වූ පිපිරීමෙන් අසාධාරණයට පත් ජනතා එකමුතුව සඳහන් කරයි.

මෙම පිපිරීම නිසා නිවාස හිමියන් 2,200කට ආසන්න ප්‍රමාණයකට කුමන හෝ අලාභ හානියක් සිදුව අතැයිද එම එකමුතුවේ ලේකම් චන්දන සූරියආරච්චි මහතා සඳහන් කරයි.

එහෙත් වන්දි ගෙවීමේදී තවමත් නිසි ලෙස වන්දි ලබා දී තිබෙන්නේ 220ක පරිසකට පමණක් බවත් ඉතිරි පිරිසට නිවැරිදි ලෙස වන්දි ලබා දී නොමැති බවත් ඒ මහතා පවසයි.

හානියට පත් වාහන 80කට මෙතෙක් කිසිදු වන්දි මුදලක් ගෙවා නොමැති බවත් මීට අමතරව කිසිදු ව්‍යාපාරිකයෙකුට වන්දි ලබාදීමක් හො ව්‍යාපාරික ස්ථාන ඉදිකර දීමක් සිදුකර නොමැති බවත් චන්දන සූරියආරච්චි මහතා වැඩිදුරටත් සඳහන් කරයි.

Facebook
Twitter
LinkedIn