මැදපෙරදිග උණුසුම් කරමින් රටවල් කිහිපයක් කටාර්ය සමඟ සබඳතා අතහරී!

මැදපෙරදිග උණුසුම් කරමින් රටවල් කිහිපයක් කටාර්ය සමඟ සබඳතා අතහරී!

ත්‍රස්තවාදී කණ්ඩායම්වලට සහාය දක්වන බවට චෝදනා කරමින් සෞදි අරාබිය, බහරේනය, ඊජිප්තුව හා එක්සත් අරාබි එමීර් රාජ්‍යය කටාර් රජය සමග පැවැති සියලුම රාජ්‍යතාන්ත්‍රික සබඳතා  නවතා දැමීමට තීරණය කර තිබේ.

ලොව පැරැණිතම ඉස්ලාමීය ව්‍යාපාරය වන ‘මුස්ලිම් සහෝදරත්වයට’ කටාරය සහාය දෙන බව සඳහන් කරමින් සෞදි අරාබිය, ඊජිප්තුව, එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ බහරේනය යන රටවල් මෙම සාමූහික තීරණය ගෙන තිබේ.

අදාළ රටවල් හතර කටාරය සමඟ තිබෙන සියලු ප්‍රවාහන සබඳතා නවතා දැමීමට තීරණය කර ඇති අතර අදාළ රටවල සිටින කටාර් සංචාරකයන්ට සහ සෞදි අරාබිය, ඊජිප්තුව, එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ බහරේනය යන රටවල පදිංචි වී සිටින කටාර් ජාතිකයන්ට අදාළ රටවලින් පිටවීමට සති දෙකක කාලයක් දී තිබේ.

මෙම තීරණයත් සමග මැදපෙරදිග දේශපාලනය තවදුරටත් උණුසුම් වන අතර ඉරාණ සහාය ලබන සන්නද්ධ කණ්ඩායම්වලට කටාරයද ආධාර උපකාර සිදු කරන බවට චෝදනා එල්ල කරමින් තිබේ.

Facebook
Twitter
LinkedIn