දෙණියාය රාජපක්ෂ මහ විදුහල අසළ නායයෑමේ අවදානමක් පවතින බැවින් එම විදුහල දින නියමයක් නොමැතිව වසා දැමීමට අධ්‍යාපන බලධාරීන් තීරණය කර ඇතැයි විදුහල්පති කේ.එල්.එන්. දිල්හානි මහත්මිය පවසයි.
විදුහල පිටුපස තිබෙන කන්ද සහ පොළොව යටින් දිය සීරාවක් ගලා බැසීම හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බවත් මේ සම්බන්ධයෙන් ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයට දැනුම් දුන් බවත් ඇය කියන්නීය.
ඔවුන් මේ සම්බන්ධයෙන් නිරීක්ෂණය කර වාර්තාවක් ලබාදුන් පසු යළි පාසල විවෘත කරන දිනය තීරණය කරන බවත් විදුහල්පතිනිය කියා සිටියි.
3










