ශ්‍රීපාදස්ථාන විහාරාධිපති හිමියන් තෝරාගැනීමේ නිලවරණය අද (25) පැවැත්වෙයි. හඳපාන්ගොඩ විමල නාහිමියන් අපවත් විමෙන් පසු හිස්වූ විහාරාධිපති ධුරය සඳහා ඡන්ද විමසීම සිදු කරනු ලබයි.
භික්ෂූන් වහන්සේ පස්නමක් විසින් එම තනතුර සදහා තරග වැදීමට නාමයෝජනා බාර දී තිබේ. රත්නපුර නව නගරයේ පිහිටි සබරගමුව පළාත් සභා ශ්‍රවණාගාරයේ දී පස්වරු 2 ට නිලවරණය පැවැත්වීමට නියමිතය.
සියම් මහා නිකායේ මල්වතු පාර්ශවයේ උපසම්පදාව ලත් රත්නපුර දිස්ත්‍රික්කයේ නිත්‍ය නේවාසික භික්ෂූන් වහන්සේ 307 නමක් ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා සුදුසුකම් ලබා ඇත. කෙසේ වෙතත් දේශපාලන පක්ෂ තමන්ට ගැති විහාරාධිපති නමක් පත්කිරීමට උත්සාහ දරන බවත් මේ වන විට ඡන්දය ප්‍රකාශ කිරීම සදහා සුදුසුකම් ලැබූ භික්ෂූන් වහන්සේලාට විශේෂ සැලකිලි ලැබෙන බව වාර්තා වේ.
5









