රුසියාවෙන් ඇමරිකාවට රතු එළියක්

 

රුසියාව නැගෙනහිර යුරෝපයේ රටවල් කිහිපයක දේශසීමා ආසන්නයේ මිසයිල පද්ධතියක් ස්ථානගත කිරීමට සූදානම් වෙනබව වාර්තා වේ.

 

ඔවුන් මෙම පියවර ගෙන ඇත්තේ ඇමරිකාව, නැඟෙනහිර යුරෝපයේ රටවල් කිහිපයක මිසයිල ආරක්ෂක පද්ධතියක් ඉදි කිරීමට ප‍්‍රතිචාර ලෙසයි. ඇමරිකාව සහ රුසියාව අතර මීට පෙර සීතල යුද්ධයක් පැවැති අතර, එහි ප‍්‍රතිඵලයක් ලෙස සෝවියට් සමූහ ආණ්ඩුව කුඩා රාජ්‍යයන් රැසකට බෙදී වෙන් විය.

කිලෝමිටර් 500 දුරකින් පිහිටි ඉලක්කයක් වෙත එල්ල කළ හැකි ‘ස්කැන්ඩි’ ලෙස නම් කර ඇති තම මිසයිල නැඟෙනහිර යුරෝපයේ ලිතුවේනියාව සහ පෝලන්ත දේශසීමාවන්හි ස්ථානගත කරන බව රුසියානු ජනාධිපතිවරයා අවධාරණය කර ඇත. අවශ්‍ය වුවහොත් තම මිසයිල ආරක්ෂණ පද්ධතිය යුරෝපයේ දකුණු දෙසින් ද ස්ථාපිත කරන බවත් ඒ සදහා ජෝර්ජියාව සහ තුර්කිය භාවිතා කරන බව ඔහු වැඩිදුරටත් අදහස් දක්වමින් ප්‍රකාශ කර ඇත.

කෙසේ වෙතත්, ඇමරිකානු බලධාරින් පවසන්නේ රුසියානු තර්ජනයන්ට බිය නොවී තම මිසයිල ආරක්ෂණ පද්ධතිය ස්ථීර වශයෙන් ම ස්ථාපිත කරන බවයි. පවතින තත්ත්වය හමුවේ රුසියාව සමග සාකච්ඡා මාර්ගයෙන් මෙම ගැටලූව විසඳා දීමට උත්සාහ කරන බවද ඇමරිකානු බලධාරින් ප‍්‍රකාශ කර ඇත.

 

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්