ආචාර්ය වර්ජනයට – ‘Z’ අවුලට සරසවි සිසු උද්ඝෝෂණ අඛණ්ඩව

විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ ඉල්ලීම් වහා ලබාදෙන ලෙසත් උසස් පෙළ සිසුන්ට සාධාරණය ඉටුකරන ලෙසත් ආණ්ඩුවට බලකරමින් මේ වනවිට විශ්වවිද්‍යාල සිසුන් උද්ඝෝෂණ ආරම්භ කර ඇත.

ඒ අනුව පසුගිය දිනවල ජයවර්ධනපුර, රුහුණ, රජරට, සබරගමුව, පේරාදෙණිය ආදී විශ්වවිද්‍යාල රැසක උද්ඝෝෂණ පවත්වන්නට යෙදුණි.

මේ අතර අද (30) දිනයේ මොරටුව විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨ ශිෂ්‍ය සංගමයේ මැදිහත්වීමෙන් උද්ඝෝෂණයක් පැවැති අතර හෙට (31) දින සියලු පීඨවල සහභාගිත්වයෙන් උද්ඝෝෂණ පැවැත්වීමටද නියමිය. ඒ අනුව සියලු සිසුන් සහභාගි වන විරෝධතා පා ගමනක් විශ්වවිද්‍යාලයේ සිට ගාලුපාර දක්වා ගොස් උද්ඝෝෂණයක් පැවැත්වීමටද නියමිත බව වාර්තා වේ.

Facebook
Twitter
LinkedIn