පාසල්වල මානසික ආබාධ ඇති ගුරුවරුන් සිටී නම් ඒ අය කලාප කාර්යාලවලට අනුයුක්ත කරන්න යැයි බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසා ඇත.
මහ ඇමතිවරයා මේ බව පවසා ඇත්තේ බුලත්සිංහල අධ්‍යාපන කොට්ඨාසයේ පාසල් සුපරීක්ෂණ වැඩසටහන යටතේ කොට්ඨාසයේ සියලුම විදුහල්පතිවරුන් සමග වරකාගොඩ මහාවිද්‍යාලයේ පැවැති රැස්වීමකදීය.
එහිදී මහ ඇමතිවරයා ‘‘අතිරික්ත ගුරුවරුන් පිළිබඳ කලාප කාර්යාලයට වාර්තා කරන්න. මානසික ආබාධ ඇති ගුරුවරුන් පාසල්වල සිටීනම් ඒ අය පාසල්වල තබාගන්න එපා. එම ගුරුවරුන් කලාප කාර්යාලවලට අනුයුක්ත කරන්න“ යැයි පවසා ඇතැයි වාර්තා වේ.
Views: 0









