ගොවි විශ්‍රාම වැටුප අවසන්

ගොවි විශ්‍රාම වැටුප් අරමුදල ශූන්‍යවීම හේතුවෙන් ගොවි විශ්‍රාම වැටුප් ගෙවීමට නොහැකිවී ඇතැයි මුදල් අමාත්‍යාංශය පවසා ඇත.

ගොවි විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමයට සම්බන්ධ වී සිටින සාමාජිකයින් සංඛ්‍යාව 9,59,254 කි. ඒ පිරිස අතරින් ද පසුගිය දෙසැම්බර් මාසයට අදාළව 90,573 දෙනකුට පමණක් විශ්‍රාම වැටුප ගෙවා ඇත.

ඒ අනුව ගොවි විශ්‍රාම වැටුප් අරමුදල ශූන්‍යවීම නිසා ජනවාරි මාසයේ සිට විශ්‍රාම වැටුප ගෙවීම මුළුමණින්ම ඇණහිට ඇති බවත් අරමුදලේ ඇති අර්බුදය සැලකිල්ලට ගෙන අදාළ දෙපාර්තමේන්තුවද වෙනස් කර නව දෙපාර්තමේන්තුවක් පිහිටුවීමට ද තීරණය කර ඇති බව අමාත්‍යාංශය වැඩිදුරටත් වාර්තා කර ඇත.

Facebook
Twitter
LinkedIn