පසුගිය උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල නැවත නිකුත් කිරීමත් සමග මතුව ඇති ගැටලුවට විසඳුම් ලබාදීම ප්‍රමාද කළහොත් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව මානව හිමිකම් කොමිෂන් සභාව පවසා ඇතැයි වාර්තා වේ.
එහි කොමසාරිස් නීතිඥ ප්‍රතිභා මහානාමහේවා මහතා පවසා ඇත්තේ නැවත නිකුත් කළ උසස් පෙළ ප්‍රතිඵල අනුව තමන්ට අසාධාරණයක් සිදුව ඇතැයි පවසමින් සිසු සිසුවියන් 938 ක් පමණ පැමිණිලි ඉදිරිපත් කර ඇති බවත් ඒ පිළිබඳව උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් සුනිල් ජයන්ත නවරත්න මහතා ඇතුළු වගඋත්තරකරුවන් සමග කළ සාකච්ඡාවක් පවත්වා ඇති බවත් එහිදී සිසුන් 3000 ක් අලුතින් බඳවා ගැනීමට කටයුතු කරන බව ඔවුන් පැවසූ බවත්ය. ඒ අනුව එම සිසුන් බඳවා ගැනීම පිළිබඳ නීතිපතිවරයාගෙන් උපදෙස් ලබා ගන්නා බව ඔවුන් එහිදී පවසා ඇත.
ඒ අනුව අසාධාරණයට ලක්වූ සිසුන් පිළිබඳව අදාළ ක්‍රියාමාර්ග ගැනීම ප්‍රමාද කිරීමක් හෝ නොසලකා හැරීමක් පෙනී ගියහොත් ඔවුන් කැඳවා ඊට එරෙහිව ගතහැකි නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව කොමසාරිස්වරයා වැඩිදුරටත් පවසා ඇතැයි වාර්තා වේ.









