මැච්වලටත් හෝන් තහනම්

වහාම ක්‍රියාත්මක වන පරිදි ක්‍රිකට් තරඟවලදී නලා නාද කිරීම තහනම් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබේ.

ක්‍රීඩාංගණ තුළ සිටින ප්‍රේක්ෂකයින් මෙම නලා හේතුවෙන් දැඩි අපහසුවට පත් වන බැවින් මෙම තීරණය ගත් බව සඳහන් කරන එම ආයතනය කෙසේ වුවද බෑන්ඩ් කණ්ඩායම් ගෙන ඒම තහනම් කර නැති බව කියයි.

අඟහරුවාදා (30) සිට මෙම නියෝගය ක්‍රියාත්මක වන බැවින් ප්‍රේක්ෂකයින් ක්‍රීඩාගාරවලට ඇතුල්වීමේදී ආරක්ෂක නිලධාරීන් විසින් දැඩි පරීක්ෂාවකට ලක්කරනු ඇති බව ප්‍රකාශිතය.

Facebook
Twitter
LinkedIn