ශ්‍රී ලංකා ඉතිහාසයේ අක්මුල් සොයා පුරා විද්‍යාත්මක ගවේෂණයක යෙදෙන කැළණි විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ මහාචාර්ය රාජ් සෝමදේව මහතා පසුගිය අවූරුදු 09ක කාලය පුරා මෙරට ප්රාග් එතිහාසික යුගය සම්බන්ධයෙන් කල නව සොයාගැනීම් අළලා, ශ්‍රී ලංකාවේ පවත්වන සම්මන්ත්‍රණවලට සමගාමිව එතෙර අපි සංවිධානයේ ඕමානයේ සම්බන්ධිකරණ කමිටුව විසින් සංවිධානය කල සම්මන්ත්රණ මාලාවේ මහජන දේශනය පසුගිය (28) වන දා ඕමානයේ මස්කට් නගරයේ වදිකබීර් ශ්‍රී ලංකා පාසලේ දී පවත්වා තිබේ.
මෙය ඕමානයේ ගරු තානාපති M.K. පත්මනාතන් මහතා ඇතුළු කාර්යමණ්ඩලය, ශ්‍රී ලංකා පාසලේ විදුහල්පතිතුමා සහ අධ්‍යක්ෂක මණ්ඩලයේ සභාපති මොහොමඩ් ෆ්ර්සන් මහතා ඇතුළු සම්භාවනිය අමුත්තන් සහ ඕමානයේ වෙසෙන ශ්‍රී ලංකිකයන් වැඩි පිරිසකගේ සහභාගීත්වයෙන් ඉතා උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි.
එමෙන්ම මෙම වැඩසටහන් මාලාවට සමගාමීව මහාචාර්ය රාජ් සෝමදේව මහතා සහ ඕමානයේ සුල්තාන් කාබුස් විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා අංශ ප්‍රධානිතුමා සමග අද (30) සුහද හමුවක් පවත්වා ඇති අතර හෙට (01) දින පාසල් ළමුන් සදහා ඉංග්‍රීසි මාධ්‍යයෙන් දේශනයක් පැවැත්වීමටද නියමිත වේ






















