විදෙස් වෙළඳ ඉපයීම් පහළට

මෙරට විදේශ අපනයන වෙළඳාම් මැයි මාසයේදී සියයට 15.1 කින් පහළ ගොස් ඇතැයි මහ බැංකුව අනාවරණය කරයි.

කාර්මික අපනයන මැයි මාසයේදී සියයට 16.2 කින් පහළ ගොස් ඇති අතර ඇඟලුම් අපනයන සියයට 13.5 කින්ද රබර් නිෂ්පාදන අපනයන සියයට 17.9 කින්ද පහළ ගොස් තිබේ.

මේ හේතුවෙන් මැයි මාසයේ වෙළඳ හිඟය සියයට 2.1 කින් වැඩිවී එහි අගය ඩොලර් මිලියන 865 ක්වී තිබේ.

මේ අතර 2012 මැයි දක්වා මාස පහ තුළදී සමස්ත අපනයනය 5.4% කින් පහළ ගොස් ඇති අතර කෘෂි කාර්මික අපනයන 11.8% කින්ද තේ අපනයන 10.8% කින්ද පහළ ගොස් තිබේ.

මුල් මාස පහ තුළදී සමස්ත ආනයනයද 7.8%කින් කින් පහළ ගියද එය වෙළඳ හිඟය පුළුල්වීම නතර කිරීමට සමත්වී නැත. ඒ අනුව වෙළඳ හිඟය සියයට 24.7 කින් ඉහළ ගොස් තිබේ.

Facebook
Twitter
LinkedIn