ඇමති රිෂාද් බදියුදීන්ට නොතීසි

පසුගියදා මන්නාරම මහේස්ත්‍රාත්වරයාට තර්ජනය කිරීම හා අධිකරණයට පහරදීම කිරීම යන සිද්ධීන් සම්බන්ධයෙන් චෝදනා ලබා සිටින අමාත්‍ය රිෂාද් බදියුදීන් මහතාට සැප්තැම්බර් මස 05 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස අභියාචානාධිකරණය අද (26) දින නොතීසි නිකුත් කර ඇතැයි වාර්තා වේ.

අභියාචානාධිකරණයට ජ්‍යෙෂ්ඨ නීතිඥයින් 7 දෙනෙකු විසින් ඊයේ (25) ගොනු කර තිබු පැමිණිල්ලක් සලකා බැලීමෙන් පසු අභියාචනාධිකරණ විනිසුරු රංජිත් සිල්වා මහතා විසින් මෙම නියෝගය නිකුත් කර ඇති අතර සැප්තැම්බර් 05 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිටින තුරු මෙම සිද්ධියේදි අගතියට පත් පාර්ශවයට කිසිදු බලපෑමක් නොකළ යුතු බවට ද එහිදි නියෝග කර අත.

එසේම විනිසුරුවරයා මෙහිදී වැඩිදුරටත් නියෝග කර ඇත්තේ අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් අමාත්‍යවරයා විසින් එදින අධිකරණය හමුවේ පෙනී සිටිමේදි නිදහසට කරුණු ඉදිරිපත් කළ යුතු බවත්ය.

Facebook
Twitter
LinkedIn