ලංකා IOC සේවක වර්ජනයක්

ත්‍රිකුණාමලය ලංකා IOC සමාගමේ සියලු සේවකයින් හෙට (27) දින වැඩවර්ජනයක නිරතවීමට තීරණය කර ඇතැයි වාර්තා වේ.

2012 ජනවාරි මස සිට 8% ක වැටුප් වැඩිවීමක් ලැබිය යුතුව තිබූ නමුත් එම වැටුප් වැඩිවීම සමාගමේ සේවක පිරිස් වෙත මේ වනතෙක් නොලැබීම හේතුවෙන් එයට විරෝධය පළකරමින් ත්‍රිකුණාමලය IOC සමාගමේ සියලු සේවකයින් හෙට දිනයේ වර්ජනයක නිරත වන බවයි.

එසේම තමන් අරඹන මෙම වර්ජනය ඉල්ලීම් දිනාගන්නා තුරු අත් නොහරින බවද ඔවුහු පවසා ඇතැයි වාර්තා වේ.

Facebook
Twitter
LinkedIn