කෝප් සභාපති, නිලධාරින්, සාමාජිකයින් යුරෝපා පාර්ලිමේන්තුවට

කෝප් සභාපති, නිලධාරින්, සාමාජිකයින් යුරෝපා පාර්ලිමේන්තුවට

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුවේ සභාපති සුනිල් හඳුන්නෙත්ති මහතා ඇතුළු එහි නිලධාරීන් සහ සාමාජික පිරිසක් යුරෝපා පාර්ලිමේන්තුවෙන් පවත්වන රාජ්‍ය මුදල් භාවිතාව සම්බන්ධ අධ්‍යන චාරිකාවක් සඳහා පිටත්ව ගොස් තිබේ.

බ්‍රසල්ස් හි පිහිටි යුරෝපා පාර්ලිමේන්තුව මගින් දින තුණක අධ්‍යන කටයුතු සිදුකිරීමට නියමිත අතර ඒ සඳහා කෝප් කමිටු සාමාජිකයින් වන පාර්ලිමේන්තු මන්ත්‍රී, වෛද්‍ය නලින්ද ජයතිස්ස, පාර්ලිමේන්තු මන්ත්‍රී නිහාල් ගලප්පත්ති යන මන්ත්‍රීවරුන් ඇතුළු පිරිසක්ද එක් වී සිටිති.

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කෝප් කමිටුවට යුරෝපා පාර්ලිමේන්තුවෙන් රාජ්‍ය මුදල් භාවිතාව සම්බන්ධ අධ්‍යන චාරිකාවක් සඳහා අවස්තාව ලැබුණු ප්‍රථම අවස්ථාව මෙය බවද වාර්තා වේ.

Facebook
Twitter
LinkedIn