චීන වරාය තෙල් ටැංකි ඉන්දියාවට පැවරීමට එරෙහිව ඛනිජ තෙල් සේවකයෝ අඛන්ඩ වැඩවර්ජනයක

චීන වරාය තෙල් ටැංකි ඉන්දියාවට පැවරීමට එරෙහිව ඛනිජ තෙල් සේවකයෝ අඛන්ඩ වැඩවර්ජනයක

චීන වරාය තෙල් ටැංකි ඉන්දීය තෙල් සමාගමට (IOC) පවරා දීම වහාම නවතන ලෙසත්, හම්බන්තොට වරායේ තෙල් ටැංකි ශ්‍රී ලංකා රජය සතුව දිගටම පවත්වාගෙන යන ලෙසත්, අබලන් තෙල් පිරිපහදුව නවීකරණයට කඩිනමින් මුදල් වෙන් කරන ලෙසත් ඉල්ලමින් අද (23) මධ්‍යම රාත්‍රියේ සිට ඛනිජ තෙල් සේවකයෝ අඛන්ඩ වැඩවර්ජනයක නිරතවන බව ලංකා ඛනිජ තෙල් පොදු සේවකන සංගමය සභාපති අශෝක රන්වල මහතා පවසයි.

මේ සඳහා සියළුම ඛනිජ තෙල් වෘත්තී සිමිති ඒකාබද්ධවී සිටින බවත් ඛනිජ තේල් වෘත්තීය සමිති එකමුතුව මගින් මෙම වැඩවර්ජනය කැඳවා ඇති බවත් ඛනිජ තේල් වෘත්තීය සමිති එකමුතුවේ කැඳවුම්කරු ඩී.ජේ. රාජකරුණා මහතා පවසයි.

තෙල් විකිනීම, බෙදාහැරීම ඇතුළු සියළුම කටයුතුවලින් ඛනිජ තේල් සේවකයෝ ඉවත්වන බවත් තම ඉල්ලීම් ඉටුකිරීමට ආණ්ඩුව කටයුතු කරන තුරු අඛන්ඩව සිය වර්ජනය දියත් කරන බවත් රාජකරුණා මහතා වැඩිදුරටත් පැවසීය.

Facebook
Twitter
LinkedIn