සමාජවාදී තරුණ සංගමය මගින් සූදානම් කළ සහෝදරත්වයේ දුම්රිය අද (23) පෙරවරු 10.30 ට අනුරාධපුරයෙන් සිටත් වූ අතර මේ මොහොත වනවිට වව්නියාව දක්වා පැමිණ ඇත.
එම දුම්රියෙන් අනුරාධපුරයේ සිට ගමන්ගත් සමාජවාදී තරුණ සංගමයේ සහෝදර සහෝදරියන් සහ වව්නියාව දුම්රියපොළ අසළ දී එකතු වූ සහෝදර සහෝදරියන් සියලු දෙනාද එතැන් සිට වව්නියාව නගරය දක්වා ජාතික සමගිය හා සහෝදරත්වය ගොඩනැගීම වෙනුවෙන් වන සහෝදරත්වයේ පාගමන මේ මොහොතේ ආරම්භ කළ බවද වාර්තා වේ.
Views: 0









