ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් සමග කටයුතු කිරීමට සිදු වීම සම්බන්ධයෙන් තමා ලැජ්ජාවට පත්වෙන බව එහි විධායක කමිටුවේ හිටපු ප්‍රධානියා වන පීටර් ඩොයෙල් (Peter Doyle) පවසයි.
ඔහු අවුරුදු විස්සක සේවා කාලයකින් අනතුරු ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ඉවත්වී ඇත.
IMF විධායක අධ්‍යක්ෂවරයා වෙත ලිපියක් යොමුකරන පීටර් ඩොයෙල් යුරෝ කලාපයේ මූල්‍ය අර්බුදය සහ ලෝක මූල්‍ය අර්බුදය ගැන කල්තබා අනතුරු ඇඟවීමක් කිරීමට අසමත් වීම සම්බන්ධයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල දෝෂ දර්ශනයට ලක් කර තිබේ.
අරමුදලේ වත්මන් ප්‍රධානී, ක්‍රිස්ටිනේ ලගර්දේ ද (Christine Lagarde ) තෝරා ගැනීම සාමාන්‍ය ක්‍රියා පටිපාටියෙන් බැහැරව කර ඇතැයිද එවැනි අයෙකු දූෂිත බව පීටර් ඩොයෙල් සිය ලිපිය මගින් කියා සිටින්නේ.
Views: 0









