මීතොටමුල්ල සිදුවීම ස්වභාවික ආපදාවක් නොවේ – පාලකයින් මීට වගකිවයුතුයි – විජිත හේරත්

මීතොටමුල්ල සිදුවීම ස්වභාවික ආපදාවක් නොවේ – පාලකයින් මීට වගකිවයුතුයි – විජිත හේරත්

මීතොටමුල්ල කුණු කන්ද කඩා වැටීමෙන් විපතට පත් ජනතාව පිළිබඳ සොයා බැලීමට ජනතා විමුක්ති පෙරමු‍ණේ ප්‍රචාරක ලේකම් විජිත හේරත් මහතා ඊයේ(16) මීතොටමුල්ල ප්‍රදේශයේ සංචාරයක නිරත වී තිබේ.

මෙය ස්වභාවික ආපදාවක් නොවන බවත් මෙය පාලකයන්ගේ වැරදි තීන්දු තීරණ මත ඇති වූ තත්ත්වයක් බවත් එම අවස්ථාවේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා පැවසීය. මීට විසඳුම ලෙස නැවත මෙම කුණු වෙනත් ජනාකීර්ණ ස්ථානයකට ගෙන ගොස් නැවත ප්‍රශ්නයක් ඇති කිරීම වෙනුවට කුණු ප්‍රතිචක්‍රීකරණය කිරීමේ වැඩපිළිවලක් වහා සැකසීම ආණ්ඩුවේ වගකීම බවත් ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

Facebook
Twitter
LinkedIn