‘එතෙර අපි‘ රෝම සමුළුව උත්කර්ශවත් ලෙස පැවැත්වෙයි

‘එතෙර අපි‘ රෝම සමුළුව උත්කර්ශවත් ලෙස පැවැත්වෙයි

එතෙර අපි සංවිධානයේ රෝම ශාඛාවේ මහා සමුළුව ජවිපෙ නායක අනුර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අප්‍රියෙල් 16 වන ඉරුදින රෝමයේදී පැවැත්විණි. එතෙර අපි සංවිධානයේ රෝම ශාඛාවේ මෙම මහා සමුළුවට ගරුතර සංඝරත්නය, බහුජන සංවිධාන නියෝජිතයන් ඇතුළු විශාල ශ්‍රී ලාංකිකයන් පිරිසක් සහභාගී විය.

මීට අමතරව අප්‍රේල් 17 වනදින පෙ.ව. 10.30ට නාපොලි නගරයේදීද, අප්‍රේල් 21 වන දින සවස 7.00ට වර්සේ නගරයේදීද , අප්‍රේල් 22 වන දින ප.ව. 6.00ට බ්‍රෙෂියා නගරයේදීද, අප්‍රේල් 24 සවස 7.00ට කොමෝ නගරේදීද , අප්‍රේල් 23වනදින ප.ව. 3.30 ට වෙරෝනා නගරයේදී සහ අප්‍රේල්25වන දින සවස 3.30ට මිලානෝ නගරයේදීද මෙම විශේෂ සමුළු පවත්වන්නට නියමිතය.

Facebook
Twitter
LinkedIn