අයි.එස්. ත්‍රස්ත ප්‍රහාරයකින් සිරියානුවන් 100 කට වැඩි පිරිසක් මරුට

අයි.එස්. ත්‍රස්ත ප්‍රහාරයකින් සිරියානුවන් 100 කට වැඩි පිරිසක් මරුට

අයි. එස්. ත්‍රස්තවාදියකු ඊයේ (15) සිරියාවේ ඇලෙප්පෝ ප්‍රදේශයේදී සිදු කළ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් සිරියනු වැසියන් 100කට වැඩි පිරිසක් මේ වනවිට මියගොස් ඇති බව වාර්තා වේ.

ඊයේ පස්වරුවේ මෙම මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය එල්ල කර ඇත්තේ අසාද් පාලනය යටතේ පවතින ඇලෙප්පෝහි  රෂීඩින් නගරයේදීය. බෝම්බකරුගේ ඉලක්කය වී ඇත්තේ සටන් පවතින ප්‍රදේශයේ සිට පැමිණෙන අවතැන් වූවන් රැගත් බස්රථ පෙළක් බව පැවසේ.

ප්‍රහාරයෙන් අවතැන් වූවන් රැගත් බස්රථ රැසක් හා වාහන රැසක් ගිනිගෙන විනාශ වී ඇති අතර එහි සිටී අවතැන් ජනතාව විශාල පිරිසක් බරපතළ තුවාල ලබා ඇති බව වාර්තා වේ.

Facebook
Twitter
LinkedIn