උතුරු කොරියාව ඇමෙරිකාවට අනතුරු අඟවයි

උතුරු කොරියාව ඇමෙරිකාවට අනතුරු අඟවයි

ඇමෙරිකාවෙන් එල්ල වන ඕනෑම ආකාරයේ ප්‍රහාරයකට න්‍යෂ්ටික අවි යොදා ගනිමින් අනුකම්පා විරහිත ප්‍රතිප්‍රහාර එල්ල කිරීමට කිසිවිටෙකත් පසුබට නොවන බව උතුරු කොරියානු නායක කිම් ජොන්  අන් ඊයේ (15) ප්‍රකාශ කර තිබේ.

උතුරු කොරියාව සිය අසහාය නායක කිම් ඉල් සුංග් ගේ 105 වන ජන්ම සංවත්සරය පියොං යෑං නුවර පවත්වනු ලැබූ අවස්ථාවේදී ඇමෙරිකාවට මෙලෙස අනතුරු ඇඟවීම් සිදු කර තිබේ.

උතුරු කොරියාව සිදු කරන න්‍යෂ්ටික අත්හදා බැලීම් නතර නොකරන්නේ නම් උතුරු කොරියාවට ප්‍රහාර එල්ල කර හෝ එය නතර කිරීමට සූදානම් බව ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරයා ප්‍රකාශ කළ අතර මේ වනවිට කොරියානු අර්ධද්වීපය ආසන්නයට ඇමෙරිකානු ප්‍රහාරයක නෞකා බලඇණියක්ද යොමු කිරීම උතුරු කොරියාව ප්‍රකෝප ගැන්වීමට හේතු වී තිබේ.

සිය මුහුදු සීමාව උල්ලංඝනය කිරීමට ඇමෙරිකාව කටයුතු කළ හොත් උපරිම ශක්තිය යොදා ප්‍රහාර එල්ල කරන බවට කිම් ජෝන් අන් මීට පෙරද ප්‍රකාශ කරනු ලැබීය. කෙසේ වෙතත් උතුරු කොරියාව ඈදා ගනිමින් ඉදිරියේදී දැවැන්ත යුද්ධයක් ඇරඹීමට ඇමෙරිකාව කටයුතු කරමින් සිටින බවට ඇමෙරිකාවට චෝදනා එල්ල වී තිබේ.

Facebook
Twitter
LinkedIn