මීතොටමුල්ලේ මිය ගිය ගණන 20ක් දක්වා ඉහළට!

මීතොටමුල්ලේ මිය ගිය ගණන 20ක් දක්වා ඉහළට!

මීතොටමුල්ල කුණු කන්ද නාය යෑමෙන් මිය ගිය ගණන 20ක් දක්වා ඉහළ ගොස් ඇති බව වාර්තා වේ.

වාර්තා වන අන්දමට කුණු කන්ද නාය යෑමෙන් නිවාස 145කට හානි සිදුවී ඇති අතර පුද්ගලයින් 625 දෙනෙකු අවතැන් ව සිටින බව පැවසේ. සම්පූර්ණයෙන් විනාශ වූ නිවාස වලට යටවී තවත් පිරිසක් සිටින බව පැවසෙන අතර ත්‍රිවිධ හමුදාව හා විශේෂ කණ්ඩායම් ඔවුන් සොයා මෙහෙයුම් දියත් කරමින් සිටී.

ඊයේ (15) පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භූ විද්‍යා අංශයේ විශේෂඥයින් කණ්ඩයාමක් ඒ අවට සිදු කළ නිරීක්ෂණවලින් අනතුරුව තවදුරටත් නාය යෑමේ අවදානම් සහිත නිවාස 130ක පදිංචි කරුවන් ඉවත් කිරීමට නිර්දේශ කර ඇති බව වාර්තා වේ.

විනාශ වූ නිවාසවල දේපල සොරා ගැනීමට පිරිස් උත්සාහ කිරීම හේතුවෙන් මේ වනවිට විශේෂ පොලිස් ආරක්ෂාවක් එම ප්‍රදේශයට යොදවා ඇති අතර භාණ්ඩ සොරකම් කිරීමට උත්සාහ කළ 20 දෙනෙකු පමණ ඊයේ අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි.

 

Facebook
Twitter
LinkedIn