‘එතෙර අපි’ සමුළු රැසකට අනුර ඉතාලියට – (ජායාරූප)

‘එතෙර අපි’ සමුළු රැසකට අනුර ඉතාලියට – (ජායාරූප)

එතෙර අපි සංවිධානය විසින් පවත්වන්නට යොදාගන ඇති විදෙස්ගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ගේ විශේෂ සමුළු මාලාව සදහා අරාධනා ලැබ ඉතාලියට ගිය විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ජ.වි.පෙ.නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා ඉතාලියේ ශ්‍රී ලාංකිකයින් විසින් ගුවන් තොටුපලේදී පිළිගනු ලැබීය. එතෙර අපි සංවිධානයේ මෙම විශේෂ සමුළු මාලාවේ පලමු සමුළුව අප්‍රේල් 16 (අද) සවස 3.00ත ඉතාලියේ රෝම නගරයේදී පැවැත්වේ.

මීට අමතරව අප්‍රේල් 17 වනදින පෙ.ව. 10.30ට නාපොලි නගරයේදීද, අප්‍රේල් 21 වන දින සවස 7.00ට වර්සේ නගරයේදීද , අප්‍රේල් 22 වන දින ප.ව. 6.00ට බ්‍රෙෂියා නගරයේදීද, අප්‍රේල් 24 සවස 7.00ට කොමෝ නගරේදීද , අප්‍රේල් 23වනදින ප.ව. 3.30 ට වෙරෝනා නගරයේදී සහ අප්‍රේල්25වන දින සවස 3.30ට මිලානෝ නගරයේදීද මෙම විශේෂ සමුළු පවත්වන්නට නියමිතය.

Facebook
Twitter
LinkedIn